2026 ජූලි 28 අඟහරුවාදා, 04:47
නවතම පුවත්

රු.බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

මෑතකදී රට තුළ ඇති වූ දරුණු ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙම දැවැන්ත ප්‍රතිපාදනය මඟින් ආපදාවට ලක්වූ ජනතාවට සහන සැලසීම මෙන්ම විනාශ වූ පොදු යටිතල පහසුකම් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම ද අපේක්ෂා කෙරේ.

මෙම පරිපූරක ඇස්තමේන්තුව මඟින් වෙන් කෙරෙන මුදල් ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර දෙකක් යටතේ වැය කිරීමට සැලසුම් කර ඇත. ඉන් පළමු වැන්න වන්නේ විපතට පත් වූ පවුල් සඳහා අවශ්‍ය ආහාර, නවාතැන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම ඇතුළුව සෘජු සහන සේවා සැපයීමයි. දෙවනුව, ගංවතුර සහ නායයෑම් හේතුවෙන් දැඩි ලෙස හානියට පත් වූ මාර්ග, පාලම් සහ පාසල් වැනි යටිතල පහසුකම් කඩිනමින් පිළිසකර කිරීම සඳහා මෙම මුදල් යෙදවීමට රජය තීරණය කර තිබේ.

අද දින සභාවට ඉදිරිපත් කළ මෙම යෝජනාව හෙට (19) දිනය පුරා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. රජය සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව හෙට සවස මෙම ඇස්තමේන්තුව සම්මත කර ගැනීමට කටයුතු යොදා ඇත. මෙහිදී මෙම මුදල් බෙදා හැරීමේ විනිවිදභාවය සහ වඩාත් බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක සඳහා ප්‍රමුඛතාව ලබා දීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories