2026 ජූලි 29 බදාදා, 17:46
නවතම පුවත්

ගිනියාවේ පාපන්දු තරඟයක ගැටුමකින් පුද්ගලයන් රැසක් මරුට

ගිනියාවේ දෙවැනි විශාලතම නගරය වන N’zérékoré හි පැවැති පාපන්දු තරඟයක් අතරතුර හටගත් ගැටුමකින් පුද්ගලයන් රැසක් මියගොස් ඇති බව විදේශීය ජනමාධ්‍ය වාර්තා කරයි.

අග්‍රාමාත්‍ය Mamadou Oury Bah පවසා ඇත්තේ, තෙරපීම පුද්ගලයන් ගණනාවකගේ අවාසනාවන්ත ඉරණමට හේතු වූ බවයි.

මේ මොහොතේ සන්සුන්ව කටයුතු කරන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා තිබේ.

අනන්‍යතාව හෙළි නොකළ වෛද්‍යවරයෙක් උපුටා දක්වමින් AFP ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ, ප්‍රාදේශීය රෝහලක මළසිරුරු රැසක් පෙළට තබා ඇති බවයි.

එවැනි මළසිරුරුවලින් රෝහලේ මෘත ශරීරාගාරය පිරී ඇති බව ද එම වෛද්‍යවරයා අනාවරණ කර තිබේ.

එරට ප්‍රාදේශීය ජනමාධ්‍ය පැවසුවේ තරගය සඳහා සහභාගී වී සිටි එක් කණ්ඩායමක ආධාරකරුවන් විනිසුරුවරයා කෙරෙහි කෝපයෙන් පිටිය දෙසට ගල් ගැසීමෙන් පසුව පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවයි.

ගිනියාව මෙතෙක් නිල වශයෙන් මියගිය පිරිසගේ සංඛ්‍යා ලේඛන නිකුත් කර නොමැත.

“ඒ සියල්ල ආරම්භ වූයේ විනිසුරුගේ විවාදාත්මක තීරණයකින්. ඊට පස්සේ ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩාපිටිය ආක්‍රමණය කළා,” සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු AFP වෙත පවසා ඇත.

සමාජ මාධ්‍යවල හුවමාරු වන වීඩියෝ සහ ඡායාරූප ක්‍රීඩාංගණයෙන් පිටත අවුල් සහගත දර්ශන පෙන්වන අතර, විශාල ජනකායක් ක්‍රීඩාංගනයේ තාප්පය මතින් නැගීමට උත්සාහ කරන අයුරු සහ මළ සිරුරු රාශියක් ඒ ආසන්නයේ ඇති අයුරු ඒවායේ දැක්වේ.

මෙම වීඩියෝ ස්වාධීනව සත්‍යාපනය කිරීමට නොහැකි බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories