2026 ජූලි 29 බදාදා, 06:20
නවතම පුවත්

හිටපු අමාත්‍ය පාඨලීට මහාධිකරණ නියෝග

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියැදුරු වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ එවක වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 18 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට තරුණයකුට බරපතල තුවාල සිදුකිරීම හා ඊට අදාළ සාක්ෂි යටපත් කිරීම ඇතුළු චෝදනා විත්තිකරුවන්ට එල්ල වී තිබෙනවා.

නඩුව අද (25) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් විත්තිකාර පාඨලි චම්පික රණවක විසින් ඉදිරිපත් කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබෙන බවත්, ඒ අනුව මෙම නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තම අධිකරණයට නියම කර තිබෙන බවයි මහාධිකරණ විනිසුරුවරයා නිවේදනය කළේ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පෙනී සිටින බවත්, මෙම නඩුව විභාගය සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.

ඒ අනුව, නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 18 වැනිදා කැඳවීමට විනිසුරුවරයා නියෝග කළ අතර, සාක්ෂිකරුවන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙනවා.

විත්තිකාර පාඨලී චම්පික වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සිය සේවා දායකයාට මේ වන විට පනවා තිබෙන විදේශ ගමන් තහනම මීළඟ නඩු දිනය තෙක් තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.ඒ අනුව, විත්තිකාර චම්පික රණවකට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළ අතර, ඒ බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් නියෝග කර තිබෙන බව සඳහන් වෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories