2026 ජූලි 31 සිකුරාදා, 22:10
නවතම පුවත්

අමෙරිකාවෙන් පිටුවහල් ශ්‍රී ලාංකිකයන් ඇතුලු සංක්‍රමණිකයන් 100ක් පැනමාවේ වනාන්තරයකට

ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද ඇතුළුව පසුගිය සතියේ අමෙරිකාවේ සිට පැනමාවට පිටුවහල් කරන ලද සංක්‍රමණිකයන් 100 කට ආසන්න පිරිසක් ඔවුන් රඳවා සිටි පැනමා අගනුවර පිහිටි හෝටලයක සිට එරට ඩැරියන් වනාන්තර කලාපයට ගොස් ඇති බව පැනමා රජය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පැනමා ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, ඉකුත් දා අමෙරිකාවෙන් පිටුවහල් කරන ලද සංක්‍රමණිකයන් 299 දෙනාගෙන් 13 දෙනෙකු ඔවුන්ගේ මව් රටවලට ආපසු යවා ඇති බවයි.

එලෙස මව් රට බලා යෑමට කැමැත්ත පළකළ තවත් 175 දෙනකු පැනමා නගරයේ හෝටලයක රැඳී සිටි බව ද එම අමාත්‍යංශය පවසයි.

පැනමා රජයට අනුව, එම සංක්‍රමණිකයන් ප්‍රාදේශීය බලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සහ අමෙරිකාවට සම්බන්ධ අන්තර්ජාතික සංක්‍රමණ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය හරහා අමෙරිකාවේ මූල්‍ය ආධාර යටතේ අදාළ හෝටලයේ රැඳී සිට තිබේ.

එම සංක්‍රමණිකයන් අතර ඇෆ්ගනිස්ථානය, චීනය, ඉන්දියාව, ඉරානය, නේපාලය, පකිස්ථානය, ශ්‍රී ලංකාව, තුර්කිය, උස්බෙකිස්තානය සහ වියට්නාමය යන රටවලින් පැමිණි පුද්ගලයන් සිටි බව පැනමා ජනාධිපති ජෝස් රාවුල් මුලිනෝ පවසා ඇත.

ඔවුන් පැනමාවට පැමිණ ඇත්තේ අමෙරිකාවෙන් පිටුවහල් කළ පසු එම පිරිස භාරගැනීමට පැනමාව කැමැත්ත පළකිරීමෙන් අනතුරුවය.

අනවසර සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම කඩිනම් කිරීමේ අරමුණින් ට්‍රම්ප් පරිපාලනය විසින් සංක්‍රමණිකයන් පිටුවහල් කරමින් සිටියි.

ට්‍රම්ප්ගේ එම සැලැසුමට එල්ල වී ඇති එක් අභියෝගයක් වන්නේ, රාජ්‍යතාන්ත්‍රික සබඳතා හෝ වෙනත් හේතූන් මත අමෙරිකාවෙන් පිටුවහල් කෙරෙන පිරිස් රැගත් ගුවන් යානා පිළිගැනීම ප්‍රතික්ෂේප කරන රටවලින් පවා සංක්‍රමණිකයන් අමෙරිකාවට පැමිණ සිටීමයි.

පැනමාව සමඟ ඇති විධිවිධානය එක්සත් ජනපදයට මෙම ජාතිකයන් පිටුවහල් කිරීමට ඉඩ සලසන අතර ඔවුන් ආපසු ගෙන්වා ගැනීම සංවිධානය කිරීම පැනමාවේ වගකීමක් බවට පත්කරයි.

මෙම ක්‍රියාවලිය මානව හිමිකම් කණ්ඩායම් විසින් විවේචනයට ලක්කර තිබේ.

සංක්‍රමණිකයින්ට අයුතු ලෙස සලකනු ඇතැයි එම කණ්ඩායම් කනස්සල්ලට පත්ව සිටින අතර, ඔවුන් අවසානයේ ප්‍රචණ්ඩකාරී හෝ යුද්ධයෙන් විනාශ වූ ඇෆ්ගනිස්ථානය වැනි රටවලට ආපසු ගියහොත් ඔවුන්ගේ ආරක්ෂාව ගැන අවදානමක් පවතින බව ද පවසයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories