නවසීලන්ත කණ්ඩායම කඩුලු 4කින් පරාජය කර ශූරයන්ගේ කුසාලනය තමන් සතුකරගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (9) සමත් විය. ඉන්දියාව ශූරයන්ගේ කුසලානයක් දිනාගත් 3වන අවස්ථාව මෙය වෙයි.
මෙහිදී නවසීලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 252ක ඉලක්කය කඩුලු 6ක් දැවී තිබියදී තරගයේ 49වන පන්දු වාරයේදී පසුකර යාමට ඉන්දියාව සමත් විය. මීට පෙර ඔවුන් 2002 (ශ්රී ලංකාව සමග සම ශූරතාව), 2013 වර්ෂන්හිදී ශූරතාව ජයග්රහණය කර තිබුණි.