2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:01
නවතම පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් විදුලි පාරිභෝගිකයින්ට සුවිශේෂී වාසියක්

ලංකා විදුලි බල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් විදුලිය ලබා ගැනීමේදි ලබා ගන්නා තැන්පතු සඳහා පොලී මුදල් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය මගින් විදුලි සැපයුම් ලබා දීමේදි පාරිභෝගිකයින්ගෙන් ලබා ගන්නා මෙම සුරක්ෂිත තැන්පතු මුදල් සඳහා ගෙවිය යුතු වාර්ෂික පොලී මුදල් පාරිභෝගිකයින් වෙත ගෙවීමට පියවර ගන්නා ලෙස ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලංකා විදුලි බල මණ්ඩලයට නියෝග කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2024 ජනවාරි 30වැනි දින අධිකරණයට ඉදිරිපත් කර ඇති මෝසමේ සඳහන් ආකාරයට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවනු ල‍බන 11.67%ක වාර්ෂික පොලිය ගෘහස්ථ විදුලි පාරි‌‌භෝගිකයන්ට මෙන්ම අනෙකුත් විදුලි පාරිභෝගියන්ට ගෙවිය යුතු බවට ද එස් තුරෙයි රාජා, සෝභිත රාජ කරුණා යන මහත්වරුන් ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

ලංකා විදුලි බල පනතේ 28/3 පනත ප්‍රකාරව ලබාගෙන ඇති වාර්ෂික පොලී මුදල පාරිභෝගියන්ට ගෙවන ලෙසට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගියන්ගේ සංගමය, එම සංගමයේ සභාපති මහේෂ බණ්ඩාර ඉලංගසිංහ හා ලේකම් ප්‍රසාද් භාතිය අමරකොන් යන මහත්වරුන් විසින් ගොනු කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැදවූ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළේය.

විදුලි සහ බලශක්ති අමාත්‍යවරයා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා මහජන උපයෝගිතා කොමිෂන් සභාව හා නීතිපතිවරයා එම පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස නම් කොට තිබුණි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ආචාර්ය ජේෂ්ඨ නීතීත්‍ය චන්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටි අතර වග උත්තරකරුවන් වෙනුවෙන් රජයේ අධිනීතීත්‍ය සුරේකා අහමද් මහත්මිය පෙනී සිටියා‌ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories