2026 ජූලි 31 සිකුරාදා, 17:22
නවතම පුවත්

මැතිවරණ වියදම් වාර්තා ලබා නොදුන් සීලරතන හිමි ඇතුළු අපේක්ෂකයන් තිදෙනෙක්ට නඩු

මෙවර ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් තිදෙනෙකු සිය වාර්තාවන් ලබා දී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න හා අරියනේත්තිරන් පාක්කිය සෙල්වම් යන අපේක්ෂකයන් සහ ඔවුන්ගේ නාම යෝජනා කළ ඡන්ද හිමියන් මෙසේ අදාළ ආදායම් වියදම් වාර්තා වෙන වෙන ම සකස් කර භාර දී නොමැති බවයි එම කොමිසම ප්‍රකාශ කරයි.

මෙලෙස සිය මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන් පිළිබඳ විස්තර පොලිසියට භාර දෙන බවත් නීතිපති උපදෙස් අනුව ඔවුනට විරුද්ධව 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව කටයුතු කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කර ඇත්.

පනතට අනුව එවැනි වරදක් සඳහා දඬුවම රුපියල් 100,000ක දඩයක්.

මැතිවරණ වියදම් නියාමන පනත ප්‍රකාරව මැතිවරණ කොම්ෂන් සභාව වෙත සිය මැතිවරණ ප්‍රචාරක ආදායම් වියදම් වාර්තා ලබා දීමට ලබා දුන් කාලය 13 වන දා මධ්‍යම රාත්‍රී 12:00න් අවසන් වුණා.

අපේක්ෂකයන් ආදායම් වියදම් වාර්තා ලබා දී ඇතත් එම අපේක්ෂකයන්ගේ පිළිගත් දේශපාලන පක්ෂයේ ලේකම්වරුන් හෝ නාම යෝජනා කළ ඡන්ද හිමියන් 7ක් ද එලෙස ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බවයි එම කොමිසම සඳහන් කළේ.

එම ලේකම්වරුන් අතර ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, සමබිම පක්ෂයේ ලේකම්වරුන් සිටින අතර අපේක්ෂකයා නාම යෝජනා කළ ඡන්ද හිමියන් ලෙස චන්න ලලින් වික්‍රමසිංහ, එච්.එම්. අසිත බණ්ඩාර, අර්වනා රණතුංග යන අය ඒ අතර සිටිනවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories