2026 ජූලි 29 බදාදා, 07:01
නවතම පුවත්

T20 ලෝක කුසලාන අවසන් සටනට නවසීලන්තය සුදුසුකම් ලබයි

බ.ඉ. කොදෙව් කාන්තා කණ්ඩායම ලකුණු 8කින් පරාජය කර විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම ඊයේ (18) දා සමත් විය.

ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන මෙම තරඟාවලියේ දෙවැනි අවසන් පූර්ව තරඟය ලෙසින් මෙම තරඟය සාජාහිදී පැවැත්විණි.

මෙහිදී නවසීලන්තයෙන් හිමි වූ ලකුණු 129ක ඉලක්කයට පිළිතුරු ලෙස කොදෙව් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 120ක් පමණි.

එසේම පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 9ක් දැවී ලකුණු 128ක් රැස්කිරීමට සමත් විය.

 ඒ ජාත්‍යන්තර විස්සයි20 කාන්තා ක්‍රිකට් පිටියේ වැඩිම අත්දැකීම් ඇති කණ්ඩායමක් වන නවසීලන්තය මීට පෙර අවස්ථා 4කදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබුණි.

ඉන් අවස්ථා දෙකකදීම ඔවුන් අවසන් මහා තරඟය ක්‍රීඩාකිරීමට අවස්ථාව සලසා ගත්තද, එම අවස්ථා (2009 හා 2010) දෙකේදී අනුශූරතාවෙන් සෑහීමට පත්වීමට ඔවුන්ට සිදුවිය. 

එමෙන්ම කොදෙව් ක්‍රීඩිකාවෝ ද විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් පූර්ව තරඟයක් ක්‍රීඩාකළ 6වැනි අවස්ථාව මෙයයි.

කෙසේ නමුත් ඉන් ඔවුන්ට අවසන් මහා තරඟයක් ක්‍රීඩාකළ හැකිවූයේ 2016 වසරේ ඉන්දියාවේ පැවැත් වූ තරඟාවලියේදී පමණි.

එවර ඔවුන් ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලෝක ශූරියන් ලෙස කිරුළු පැළඳීය.

අවසන් මහා තරඟය නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර හෙට (20)දා ඩුබායිහිදී පැවැත්වීමට නියමිතව ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories