2026 ජූලි 29 බදාදා, 10:40
නවතම පුවත්

කළුතර සිසු ගැටුමකට හිටපු දේශපාලකයෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

                                                                                                                                                                                                                                                       පාසල් සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකට මැදිහත්ව පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ඇතුළු හත්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය රජයන් ගණනාවකදී අමාත්‍ය ධූර දරා ඇති හිටපු අමාත්‍යවරයකුගේ එවකට සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මෙන් ම කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු බව පොලිසිය කීය.

පෙරේදා දහවල් කළුතර ප්‍රධාන පාසලක සිසුන් පිරිසක් අතර නාගස්හන්දිය ගාලුපාරේ ගැටුමක් සිදුව ඇති අතර එය සමථයකට පත් කිරීමට යෑමෙන් පසු සැකකාර හිටපු අමාත්‍ය ලේකම්වරයා ඇතුළු පිරිස පහර දීමට මැදිහත්ව ඇති බව වාර්තා වේ.

පහරකෑමක් හේතුවෙන් 10 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකු කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු‍කර යවා ඇති බව ද රෝහල් ප්‍රකාශකයෙක් කීය.

සැකකාර හිටපු උප සභාපතිවරයා ද පහර දීමක් සිදුව ඇති බව සඳහන් කරමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත්ව ඇති අතර ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය කීය.

අත්අඩංගුවට ගෙන ඇති සෙසු සැකකරුවන් හය දෙනා පොලිස් ඇප මත මුදාහැර ඇති බවද සඳහන් වේ.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකාරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලකගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories