2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 14:43
නවතම පුවත්

අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම්

වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් පැනවීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, එවැනි නීතියක් සම්මත කරනු ලැබූ ලොව ප්‍රථම අවස්ථාව බව විදෙස් ජනමාධ්‍ය පවසයි.

නව නීතිය මගින් TikTok, Facebook, Snapchat, Reddit, X සහ Instagram ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවල වයස අවුරුදු 16ට අඩු දරුවන් ගිණුම් තබාගැනීම වැළැක්වවිය යුතු වේ.

අදාළ සමාගම් එම නීතිය අනුගමනය කිරීමට අසමත්වන්නේ නම් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50 ($ මිලියන 33) දක්වා දඩයකට යටත් වීමට සිදුවනු ඇති.

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාවේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 34 ක් හිමිව ඇති අතර විපක්ෂව හිමිව ඇත්තේ 19 ක් පමණය. ඒ අනුව කෙටුම්පත් සම්මත වී තිබේ.

පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ද බහුතරයකින් පනත් කෙටුම්පත අනුමත කර ඇත.

විපක්ෂයෙන් ඉදිරිපත් කළ සංශෝධාන සෙනෙට් සභාවේදී අනුමත කර තිබේ.

අනතුරුව පනත නීතියක් බවට පත්විය.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පැවසුවේ අන්තර්ජාලය හරහා තම දරුවන්ට සිදුවන හානි පිළිබඳව සැලකිලිමත් වන දෙමාපියන්ට නව නීතිය සහාය දක්වන බවයි.

“අපගේ දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා සමාජ මාධ්‍ය සඳහා දැන් වගකීමක් ඇත,” ඇල්බනීස් වාර්තාකරුවන්ට පැවසීය.

දඬුවම් ක්‍රියාත්මක කිරීමට පෙර තහනම ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි සොයා බැලීමට සමාජ මාධ්‍ය වේදිකා සඳහා වසරක කාලයක් ලබා දී තිබේ.

කෙසේවෙතත් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හිමි Meta සමාගම පැවසුවේ නීති සම්පාදනය ඉක්මන් වී ඇති බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories