පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් යන අයට සහ වත්මන් රජයට අපහාස වන අන්දමින් යූ ටියුබ් නාලිකාවක අයිතිකරු සමග එක් වී අසත්‍ය ප්‍රකාශ සමාජගත කරන ලදැයි කියන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසමට සහ රහස් පොලීසියට පැමිණිලි කර ඇත.
මෙසේ චෝදනාවට ලක් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨත්වයෙන් වත්මන් පොලිස්පතිවරයාට වඩා වැඩි මාධ්‍යය සමග වැඩි ගනුදෙනුවක් සිදු කරන නිලධාරියෙකු බව ආරංචි මාර්ග සඳහන් කරයි.