ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) – ලෝක බැංකු වාර්ෂික සමුළුවට සමගාමීව වොෂින්ටනයේදී පැවති “2025 ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරුන්ගේ” සම්මාන උළෙලේදී Global Finance සඟරාව විසින් පිරිනමන ලද “A ශ්‍රේණියේ” සම්මානයෙන් පිදුම් ලබා ඇත.
ආචාර්ය වීරසිංහ මහතාගේ විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්ති, ජාතියේ මූල්‍ය පද්ධතිය ස්ථාවර කිරීමේදී ඔහු දැක්වූ දායකත්වය සහ අභියෝගාත්මක ගෝලීය තත්ත්වයන් මධ්‍යයේ ඔහුගේ උපායමාර්ගික කළමනාකරණය මෙම සම්මානයෙන් ඇගයීමට ලක් කෙරේ.
Global Finance සඟරාව වාර්ෂිකව මහ බැංකු අධිපතිවරුන් ඇගයීමට ලක් කරනු ලබන්නේ ප්‍රතිපත්තිවල විශ්වසනීයත්වය, උද්ධමනය පාලනය කිරීම, මුදල් ඒකකයේ ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධන ප්‍රතිඵල මත පදනම්වය.