2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 08:27
නවතම පුවත්

බොරැල්ල පල්ලියේ ‘බෝම්බ නාටකය’ ගැන හොයලා බලන්නැයි කතෝලික පල්ලිය ආණ්ඩුවෙන් ඉල්ලයි

බොරැල්ල ඕල් සේන්ට්ස් දේවස්ථානයේ සිදුවූ ‘බෝම්බ නාටකය’ සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස ශ්‍රී ලංකා කතෝලික පල්ලිය රජයෙන් ඉල්ලා සිටියි.

2022 ජනවාරි 11 වැනි දින පල්ලියේ තිබී අත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියේ තුන්වැනි වසර සිහිකිරීම සඳහා මෙම විරෝධතාව පැවැත්විණි.

මේ සම්බන්ධයෙන් පල්ලියේ භාරකරු එවක අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කරන ලදී.

මෙම ක්‍රියාව මගින් ඔහුට හිරිහැර කර ඇති බවත් ඔහුගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවත් පල්ලිය පසුව පැවසීය.

ජාතික කතෝලික සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත පියතුමා විරෝධතාව අතරතුර මාධ්‍ය වෙත පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් පවත්වන ලෙස වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් රජයෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

“පසුගිය පාලන සමයේදී සැකකරුවකු අල්ලා ගත් බව වාර්තා වුණා. වත්මන් රජය මෙම සැකකරු සම්බන්ධයෙන් කුමක් කළා දැයි අපි බලන්න කැමතියි. රජය මේ පිළිබඳ සොයා බැලිය යුතුයි” යනුවෙන් ඔහු පැවසීය.

මෙම කාරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පැවසූ ඔහු, හිටපු පොලිස්පති දේශබන්දු තෙමනකෝන්ගේ ක්‍රියාකලාපය සැක සහිත බව අවධාරණය කළේය.

සවස් කාලයේ සටහන් වූ සීසීටීවී දර්ශන පමණක් සොයා බැලිය යුතු බවට තෙන්නකෝන් උපදෙස් දී තිබිණි.

කෙසේවෙතත්, උදෑසන සටහන් වූ දර්ශනවල අපරාධකරු පල්ලිය තුළ බෝම්බය තබනු දක්නට ලැබුණු බව ජූඩ් පියතුමා තවදුරටත් පැවසීය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories