පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති ක්‍රිෂ් ගනුදෙනුව පිළිබඳ නඩුව ලබන වසරේ පෙබරවාරි මස 16 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා මහත්මිය හමුවේ අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය.
මෙම නඩුවට පාදක වී ඇත්තේ මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බව පවසමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි කියන චෝදනාවයි. නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම චෝදනා යටතේ නඩුව ගොනු කර තිබේ.
අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තා සහ සාක්ෂි විභාග කිරීම සඳහා ඉදිරි දින වකවානු වෙන් කිරීමට අධිකරණය කටයුතු කර ඇත.