2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 19:13
නවතම පුවත්

සතොස රථවාහන අවභාවිතයේ සුලමුල හෙළිවෙයි: හිටපු ප්‍රවාහන කළමනාකරු අත්අඩංගුවට

සතොස ආයතනයට අයත් රථවාහන අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව එම ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ රජයේ දේපළ අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙනි.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරන්නේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු විසින් සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට හිටපු ප්‍රවාහන කළමනාකරු සෘජුවම සම්බන්ධ වී ඇති බවයි. රජයේ දේපළක් වන මෙම ලොරි රථය පුද්ගලික අවශ්‍යතා සඳහා පරිහරණය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව, රාජ්‍ය දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීමට ආධාර සහ අනුබල දීමේ වරද යටතේ ඒ මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සිද්ධියට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් සහ ආයතනය තුළ සිදුව ඇති තවත් මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව ද විමර්ශන කණ්ඩායම් මේ වන විට වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories