මෙරට රන් මිල පසුගිය සිකුරාදා දිනට සාපේක්ෂව රුපියල් 60,000කින් පහළ ගොස් ඇති අතර, අද (ඔක්තෝබර් 22) දින පමණක් රන් මිල රුපියල් 20,000කින් පහළ ගොස් ඇත.
ඒ අනුව, අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රුපියල් 322,000ක් දක්වා පහළ ගොස් තිබේ. පසුගිය සිකුරාදා දිනයේදී එය දැක්වුණේ රුපියල් 379,200ක් ලෙසය.
මේ අතර, සිකුරාදා දිනයේදී රුපියල් 410,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රුපියල් 350,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.