මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අදින් (04) ආරම්භ වීමට නියමිතව ඇත.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළ අතර,
මේ පිළිබඳ තවදුරටත් පැහැදිලි කරන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා,
“විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා ඔබට වෙන්කළ දිනයේ ඔබගේ සහතික නිලධාරියා විසින් ඔබට වෙන්කරන ලද කාලය තුළදී ඇවිල්ලා ඡන්දය පාවිච්චි කරන්න යැයි. යම් ලෙසකින් ඔබට නියමිත දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වුවහොත් 11 හෝ 12 දින තුළ දී ඔබගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ විශේෂ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථානයක් සකස් තිබෙන අතර,. මේක දිස්ත්‍රික්ක 25ම ක්‍රියාත්මකයි. කච්චේරිය ආශ්‍රිතව. එතැනට ඇවිත් අපි විසින් පත්කරනු ලබන සහතික කරන නිලධාරියෙක් ඉදිරියේ ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්.”
මෙවර ජනාධිපතිවරණය සඳහා වැඩිම තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාවක් වන 76,977 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් ලබා සිටී.
අවම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් වන 3,566 දෙනෙකු මුලතිව් දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් ලබා ඇති බවත්.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාව 35,636ක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළහ.