2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:36
නවතම පුවත්

ආණ්ඩුව ගැන කලකිරී ඇති අය ගැන කියන දිලිත්

සර්ජවජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසන්නේ මාලිමා ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ඡන්දය ලබාදුන් බහුතරයක් අද වනවිට ආණ්ඩුව පිළිබඳ කලකිරී සිටින බවයි.

සර්වජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රියාකාරීන් හා පක්ෂ නායකයින් අතර හමුවක් ඊයේ (07) පස්වරුවේ පැවැත් වුණු අතර එය අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එම පිරිස් තම බලවේගයට එක් කරගැනීමට කටයුතු කරන බවය.

එහිදී දිලිත් ජයවීර මහතා අතින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 7 සඳහා පත් කෙරුණු නව නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය ද සිදු විය.

සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා,

“ඔබ මොහොතකටවත් හිතන්නට එපා දැන් තියෙන ආණ්ඩුව හැමදාම දිනනවා, ඒක තමයි ට්‍රෙන්ඩ් එක, එහෙම තමයි වෙලා තියෙන්නේ, බැලු බැලූ අත මාලිමාවට ඡන්දය දීපූ අය, ඒක තමයි අභියෝගය කියලා. ඒ අභියෝගය ජයගන්න මාලිමාවට ඡන්දය දිපු අයට නිවැරිදි කරුණ නිවැරදිව පැහැදිලි කරලා දුන්නොත් ඔවුන් අපි සමග හිටගන්නවා. ඒ ඇයි ? ඒක තමයි අපි සමග හිටපු මිනිස්සු තමයි ඒ සියලුදෙනාම. මම බොහොම වගකීමෙන් කියනවා. මෙවර මාලිමාවට උදව්කරපු මගේ මිත්‍රයෝ අද බොහෝදෙනා මාලිමාවේ නෑ. ඒ නිසා අපිට පුළුවන් අපේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් මෙය ජයග්‍රහණය කරා මෙහෙය වන්න.”

මේ අතර සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද (08) පෙරවරුවේ අනුරාධපුර පුදබිමට පැමිණි අතර රුවන්වැලි මහසෑ රදුන් වැදපුදා ගත් ඒ මහතා එහි පැමිණ සිටි බැතිමතුන් සමඟ සුහද කතාබහක ද නිරත වුණි.

ඉන් අනතුරුව රුවන්වැලි මහසෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමි බැහැදැක තිබුණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories