නාදුනන පුද්ගල මළ සිරුරු දෙකක් දිවයිනේ ප්‍රදේශ දෙකකදී සොයා ගෙන තිබේ.
කළුතර සහ කුරුණෑගල යන ප්‍රදේශවලදී එම මළ සිරුරු සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඒ අනුව, කළුතර කැලිඩෝ වෙරළ තීරයට ගොඩගසා තිබියදී කාන්තා මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර මියගොස් ඇත්තේ වයස අවුරුදු 49ක් පමණක් වන කාන්තාවක් වන අතර ඇයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව සඳහන්ය.
මේ අතර කුරුණෑගල ජයන්තිපුර මාර්ගය අසල දී ද තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ. අදාළ පුද්ගලයාගේ මළ සිරුර මේ වනවිට කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය පැවසීය.