පාතාල මර්දන කටයුතු වලට සක්‍රීය දායකත්වයක් සපයන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ඩුබායි පාතාලයෙන් දින කිහිපයක සිට නොකඩවා මරණීය තර්ජන දුරකතන ඇමතුම් ලැබෙමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තර්ජන සම්බන්ධයෙන් එම නිලධාරීන් පොලිස්පතිවරයාට හා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වෙත දැනටමත් පැමිණිලි කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් තර්ජිත නිලධාරීන්ගෙන් පෞද්ගලිකවම කරුණු විමසූ බවත් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය සදහන් කරයි.
ඩුබායි සිට මෙරට පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන පාතාල නායකයන් අත්අඩංගුවට ගෙන මෙරටට කැඳවාගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය රාජතාන්ත්‍රික මට්ටමේ කටයුතුද කරගෙන සක්‍රීයව සිදුවෙන බවත් අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය අනාවරණය කරයි.