2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 20:13
නවතම පුවත්

මානව හිමිකම් කොමිසමේ නිර්දේශ නොතකන නිලධාරීන්ට රතු එළියක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත. මෙම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සහ ආයතන වගකීමට යටත් වන බව කොමිෂන් සභාව අවධාරණය කරයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්. ටී. බී. දෙහිදෙණිය මහතා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී ඇත්තේ මෙම තීරණය පිළිබඳවය.

කොමිෂන් සභා පනත අනුව දෙනු ලබන නිර්දේශ සඳහා අභියාචනා කිරීමේ ක්‍රමවේදයක් නොමැති බවත්, එබැවින් අභියාචනා ඉදිරිපත් කරමින් නිර්දේශ ක්‍රියාත්මක නොකර සිටීමට නීතිමය හැකියාවක් නොමැති බවත් සියලු පාර්ශ්වයන් දැනුවත් විය යුතු බවත් එම ලිපියෙන් අවධාරණය කර ඇත.

මෙම අවධාරණය සිදු කර ඇත්තේ, කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විමසීම් කිරීමේදී, අභියාචනයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති බව නිරීක්ෂණය වීම නිසාය.

මෙම දැනුම් දීම් සම්බන්ධයෙන් අදාළ ආයතන හා නිලධාරීන් අභ්‍යන්තර චක්‍රලේඛ මගින් ලිඛිතව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසත්, එම පියවරයන් කොමිෂන් සභාවට ලිඛිතව දන්වන ලෙසත් ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 15 (7) වගන්තිය අනුව, නිර්දේශ බලාත්මක කිරීම පිණිස ගන්නා ලද හෝ ගැනීමට අපේක්ෂා කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කොමිෂන් සභාවට වාර්තා කරන ලෙස ආයතන ප්‍රධානීන් අදාළ නිලධාරීන්ට නියම කළ යුතු බවද එහි දක්වා ඇත. මෙම තීරණය මගින් මානව හිමිකම් කොමිෂන් සභාවේ බලතල තහවුරු කරමින්, එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වගකීම අදාළ රාජ්‍ය නිලධාරීන් සහ ආයතන වෙත පැවරීමට අපේක්ෂා කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories