2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 20:02
නවතම පුවත්

චීනයෙන් ට්‍රම්ප්ට සැර කනේ පහරක්

චීනය අද (04) පස්වරුවේ එළැඹෙන අප්‍රේල් 10 වෙනිදා සිට අමෙරිකානු ආනයන මත සියයට 34ක අමතර තීරුබද්දක් පනවන බව නිවේදනය කළේය.

ඒ අමෙරිකාවේ නව තීරුබදු ක්‍රමවේදයට ප්‍රතිචාර ලෙසයි.

මෙම තත්ත්වය සම්බන්ධව දැඩි කනස්සල්ලට පත්ව සිටින ලෝක වෙළෙඳ සංවිධානය පුරෝකථනය කරන්නේ මේ වසර තුළ ගෝලීය ආර්ථිකය සියයට 1කින් පහත වැටීමට ට්‍රම්ප්ගේ මෙම තීන්දුව හේතු වනු ඇති බව වේ.

අමෙරිකාවට ආනයනය කරන සියලුම භාණ්ඩ මත සියයට 10ක තීරුබද්දක් පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අප්‍රේල් 2 වෙනිදා තීරණය කර තිබුණා.

ඒ අමෙරිකාව විමුක්තිය ලැබීමේ දිනය ලෙස අප්‍රේල් දෙවැනි දා නම් කරමින්.

ඊට අමතරව එරට සමඟ වැඩිම වෙළෙඳ අතිරික්තයක් පවතින රටවල් 60කට මූලික තීරු බද්දට අමතරව තවත් තීරු බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේය.

ඔවුන් එය හැඳින්වූයේ අන්‍යොන්‍ය තීරුබදු ලෙසයි.

ඒ යටතේ එම රටවලට සියයට 15ත් 49ත් අතර බදු පනවා ඇති අතර, ඉන් වැඩිම බලපෑම ලක්වූ රටවල් අතරට ශ්‍රී ලංකාව ද අයත් වේ.

මේ සමඟ ලොව වටා කොටස් වෙළෙඳපොළ රැසක් දෙවැනි දිනටත් කඩා වැටෙමින් පවතී.

අමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් කොටස් වෙළෙඳපොළ, ජපානයේ නිකේ, ඔස්ට්‍රේලියානු ASX 200 සහ දකුණු කොරියාවේ කොස්පි කොටස් වෙළෙඳපොළද ඒ අතරට අයත්ය.

නමුත් කුන්මින් සැණකෙළිය වෙනුවෙන් වසා දමා ඇති චීන සහ හොංකොං කොටස් වෙළෙඳපොළ තත්ත්වය මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ අතර නව තීන්දුවත් සමඟ ලෝක වෙළෙඳපොළේ රත්රන් මිල සියයට 0.64කින් ඉහළ ගොස් රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 3,166ක් ලෙස සටන් වුණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories