ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් විශේෂඥ වෛද්‍යවරුන් ලබන නොවැම්බර් 24 වැනිදා සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට දැනුම් දී තිබේ.
මෙය මෙතෙක් කලක් වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවූ විශේෂඥ වෛද්‍යවරුන් වර්ජනයකට අවතීර්ණ වන පළමු අවස්ථාව වනු ඇතැයි එම සංගමයේ මහ ලේකම්, විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා ඊයේ (නොවැම්බර් 16) ප්‍රකාශ කළේය.
නොවැම්බර් 24 සහ 25 (දින දෙකක්): පෞද්ගලික විශේෂඥ සේවාවලින් ඉවත් වීම.
නොවැම්බර් 26 සහ 27 (දින දෙකක්): රජයේ රෝහල් සේවාවලින් ඉවත් වීම.
මෙම දින හතරක වැඩවර්ජනයට රජයෙන් නිසි ප්‍රතිචාර නොලැබුණහොත්, ඉන් පසු අකුරට වැඩ කිරීමේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වන බව ද විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා සඳහන් කළේය.
අමතර සේවාවල නිරතවීමේදී පැය හයකට අදාළව ලබා දෙන දීමනාව අහෝසි කොට, ඒ වෙනුවට මාසික ස්ථීර දීමනාවක් ලබා දීම.විශේෂඥ වෛද්‍යවරුන්ට නිල වාහනයක් හෝ ඊට අදාළව සාධාරණ දීමනාවක් ලබා දීම.
මෙම වර්ජනයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන විශේෂඥ වෛද්‍යවරු ද එක්කර ගැනීමට නියමිත බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.