2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 19:20
නවතම පුවත්

අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවන්නේ නැහැ

ග්‍රීසියේ ආර්ථික අර්බුදය පිළිබඳව දැනුවත්ව සිටියදීත්, 2012 වසරේදී ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් බිලියන 1.8කට අධික මුදලක් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් දැවැන්ත පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුව, ලබන ඔක්තෝබර් 10 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය ඊයේ (ජූනි 26) නියෝග කළේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
එම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි. කෙසේ නමුත් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඊයේ නොපවත්වා වෙනත් දිනයක් ඒ සඳහා නියම කරන ලෙස පැමිණිල්ල එනම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

නඩුව කැඳවූ අවස්ථාවේදී, පළමු විත්තිකරු වන අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල ඇතුළු විත්තියේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ, තමන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් මීට පෙර මහාධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව විත්තිකරුවන් අභියාචනාධිකරණයට අභියාචනා ගොනුකර ඇති බවයි. එම අභියාචනා ලබන සැප්තැම්බර් 19 වැනිදා අභියාචනාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බැවින්, ඉන් පසුව දිනයක මෙම නඩුව කැඳවන ලෙස ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

මෙම ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වූ මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ, තම අධිකරණය නිරතුරුවම ඉහළ අධිකරණවලට ගරු කරන බවත්, මින් පෙර ලබාදුන් නියෝගයකට එරෙහිව විත්තිය ඉහළ අධිකරණයට අභියාචනා ගොනු කර ඇත්නම්, ඉහළ අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තුරු නඩුව කැඳවීම නුසුදුසු බවට සිය අධිකරණය ද එකඟ වන බවත්ය.

නඩුව කල්තබන ලෙස නියෝග කරමින් විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, තම අධිකරණය කිසිසේත්ම සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවීමට අපේක්ෂා නොකරන බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories