එළඹෙන ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා දමිළ පොදු අපේක්ෂකයකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. අරියනේත්‍රන් නම්කර තිබෙනවා.මෙවර ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පසුගියදා දෙමළ දේශපාලන පක්ෂ හතක් සහ සිවිල් සංවිධාන හතක් එක්ව ගිවිසුමකට අත්සන් කරනු ලැබුවා.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.වී විග්නේෂ්වරන්, සෙල්වම් අඩෙක්කලනාදන්,ධර්ම ලිංගම් සිද්ධාර්ථන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරිකයන් මේ සඳහා එක්ව සිටියා.