දකුණු කොරියානු පොප් සංගීත කණ්ඩායමක් වන BTS කණ්ඩායමේ සාමාජික මින් යුංගි හෙවත් සුගා පිළිබඳ පසුගිය දිනවල මාධ්‍ය තුළ ප්‍රචාරය වූ සීසීටීවී දර්ශන කිහිපයක් හේතුවෙන් ඔහු එම කණ්ඩායම හැරයන බවට පැතිරුණු කටකතා පිළිබඳ HYBE ආයතනය විසින් ප්‍රතිචාර දක්වා ඇත. එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ, ‘JTBC මාධ්‍ය නාලිකාව හරහා සුගාගේ ලෙස ප්‍රචාරය කළ සීසීටීවී දර්ශන සුගාගේ නොවන බවට තහවුරු ව ඇති බව සහ සෑමවිටම ආයතනයක් ලෙස සුගාව ආරක්ෂා කරන බවත්, ඔහු කිසිම අයුරකින් BTS කණ්ඩායම හැර යාමේ සූදානමක් නොමැති බවත්ය. ඒවගේම සුගාගේ කීර්ති නාමයට සිදුවූ අපහාසය සම්බන්ධව අදාල ආයතනය සහ එම පුද්ගලයන් පිළිබඳ දැඩිව ක්‍රියාත්මක වීමට බලාපොරොත්තු වන බව HYBE විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.