2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 23:23
නවතම පුවත්

ඖෂධ ගැටලුවේ වගකීමෙන් ආණ්ඩුවට ගැලවෙන්න බෑ : විස එන්නත් ලංකාවට ආ හැටි හෙළි වෙයි

මතභේදයට තුඩු දී ඇති බැක්ටීරියා විස සහිත Ondesterone Injection ඖෂධය මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිය වගකීමෙන් බැහැර නොවිය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. අදාළ ඉන්දීය සමාගම විසින් මෙම වසරේ අවස්ථා කිහිපයකදීම මෙම ඖෂධ කාණ්ඩ ලංකාවට රැගෙන විත් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අද පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා ප්‍රකාශ කළේය.

විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන පරිදි, 2024 නොවැම්බර් මෙන්ම 2025 මැයි සහ අගෝස්තු මාසවලදී නිෂ්පාදනය කළ මෙම ඖෂධ කාණ්ඩ හතර මෙම වසරේ පෙබරවාරි, ජූලි සහ සැප්තැම්බර් මාසවලදී ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ. සෑම වාරයකදීම ඖෂධ කුප්පි 67,600 බැගින් මෙරටට රැගෙන විත් ඇති අතර, ඉන්දියාවේදී සිදුකළ පරීක්ෂණ වාර්තාවලට අනුව එම අවස්ථාවලදී ඖෂධවල බැක්ටීරියා විස අඩංගු නොවූ බවට අදාළ සමාගම පවසා ඇත.

මෙම ඖෂධය PH අගය, ක්ෂුද්‍ර ජීවී හරණය සහ බැක්ටීරියා විෂ ප්‍රමාණය ඇතුළු මූලික නිර්ණායක දහයක් යටතේ පරීක්ෂා කර ඇති අතර, එම සියලු පරීක්ෂණ ඉන්දියාවේදී සමත් වී ඇති බවට අදාළ වාර්තා මඟින් තහවුරු කොට තිබේ. යුරෝපානු ප්‍රමිතියට අනුව තිබිය යුතු බැක්ටීරියා විෂ ප්‍රමාණයන් ද අදාළ ඖෂධ සාම්පලවල නිසි පරිදි පැවති බව නියාමන අධිකාරිය වෙත යොමුකළ ලිපිවල සඳහන් වන බව ද වෛද්‍ය සංජීව මහතා අනාවරණය කළේය.

ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන අධිකාරී තත්ත්ව පාලන රසායනාගාරය ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් (SLAB) ආයතනයක් නොවීම මෙහි ඇති ප්‍රධාන ගැටලුවක් බව වෛද්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. රුපියල් බිලියන පහක පමණ වැයකින් දියුණු රසායනාගාරයක් පිහිටුවීම ජනාධිපති අරමුදලට සාපේක්ෂව ඉතා සුළු මුදලක් බවත්, එවැනි පහසුකමක් නොමැති වීම නිසා බාල ඖෂධ හරහා මිනිස් ජීවිත අනතුරේ වැටෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

දුර්වල සෞඛ්‍ය පරිපාලනය සහ ප්‍රමිතිගත පරීක්ෂණ ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය කඩවී ඇති බවත්, මෙම තත්ත්වයට වගකිවයුතු දේශපාලකයින්ට සහ නිලධාරීන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories