2026 ජූලි 31 සිකුරාදා, 06:10
නවතම පුවත්

සංඥා දෝෂ දුම්රිය අනතුරු අවදානමක් ගැන දුම්රිය නියාමක සංගමය හෙළිකරයි !

අද (ජූලි 4) පෙරවරුවේ හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 810 දුම්රිය රාගම දුම්රිය ස්ථානය අසලදී පාලන සංඥා දෝෂයක් හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පා තිබෙනවා. මෙම සිදුවීමත් සමඟ දුම්රිය නියාමක සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් දැඩි අනතුරු ඇඟවීමක් කර සිටියා.

දුම්රිය නියාමක සංගමය අවධාරණය කළේ, සංඥා දෝෂ ඇතිවීම වැළැක්වීමට බලධාරීන් කඩිනම් පියවර නොගතහොත්, ඉදිරියේදී දැවැන්ත දුම්රිය අනතුරු සිදුවීමේ දැඩි අවදානමක් පවතින බවයි.
හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 810 දරන දුම්රිය රාගම දුම්රිය ස්ථානයට පැමිණීමේදී අංක 98 පාලන සංඥාව දෝෂ සහිත තත්ත්වයක පැවති බව දුම්රිය නියාමක සංගමය සඳහන් කළා. දුම්රියේ ප්‍රධාන නියාමක යූ.එච්. ආරියරත්න මහතා සිද්ධිය පැහැදිලි කරමින් කියා සිටියේ, “රාගම දුම්රිය ස්ථානයේ ඇතුළත් වීමේ සංඥා අංක 98 පාලන සංඥා දීලා තිබ්බේ. මගේ තිරිංග මැදිරිය පසු කරනවාත් එක්ක ඒ සංඥා නිමෙන්න ඕනේ. ඒත් නිමුනේ නෑ.. මම දුම්රිය නවත්තලා ආයේ පස්සට ගිහින් බලද්දිත් සංඥාව පත්තුවෙලා තිබ්බේ. ඊට පස්සේ රියදුරා දැනුවත් කරලා මම ඡායාරූප ලබාගෙන අදාළ අංශ දැනුවත් කළා. දැන් මේ විදිහට ඉදිරියට ධාවනය කරලා තව දුම්රියක් තිබ්බා නම් විශාල ගැටලුවක් වෙන්න තිබ්බා.” යනුවෙනි.

දුම්රිය නියාමක සංගමයේ ලේකම් කේ.ඩී.ඩී. ප්‍රසාද් මහතා සඳහන් කළේ, “මේ වගේම සිද්ධියක් වෙලා තියෙනවා අලව්වේ සහ ගනේමුල්ලේ දුම්රිය ස්ථානවල. සංඥාවල දෝෂ නිවැරදි කරන්න කටයුතු කරන්නේ නැත්තම් ඉදිරියේදී විශාල අනතුරක් සිදු වෙන්න පුළුවන්.” යනුවෙන් පවතින තත්ත්වයේ බරපතලකම පෙන්වා දුන්නා.

මේ අතර, ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, ඉහත සිදුවීම් සිදුවීමට හේතුව, ඒ සඳහා වගකිව යුත්තේ කවුද සහ දුම්රිය ධාවනය සඳහා සංඥා පද්ධතිය කොතරම් දුරට විශ්වසනීය හා ආරක්ෂාකාරී ද යන්න පිළිබඳව විධිමත් සාකච්ඡාවකින් තහවුරු කරන ලෙසයි.

“දුම්රිය මගීන් හා දුම්රිය කාර්යමණ්ඩලය මෙම තත්ත්වය හමුවේ ඇති ජීවිත අවදානම හේතුවෙන් සංඥා පද්ධතිය නැවත පරීක්ෂා කොට දුම්රිය විශ්වසනීය හා ආරක්ෂාකාරී ධාවනයට ලබා නොදෙන්නේ නම් දුම්රිය ධාවනයෙන් ඉවත්වන බව කනගාටුවෙන් දන්වා සිටිමු.” යනුවෙන් ඔවුන්ගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories