2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 12:37
නවතම පුවත්

මාස හයකට කල් ගිය පොලිසියේ මාරුවීම්

ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සියලු පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග මාස 06 කින් දීර්ඝ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය තීරණය කර තිබේ.

දිවයිනේ ඇති සියලුම පොලිස් ස්ථානවල රාජකාරියේ නියුතු නිලධාරින්ගේ ‘‘වාර්ෂික ස්ථානමාරුවීම් නියෝග දීර්ඝ කිරීම’’ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය මගින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ අත්සනින් යුතුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග අරුණට පැවැසීය.

එම නිවේදනය පෙරේදා (24 වැනිදා) දිවයිනේ සෑම පොලිස් ස්ථානයක් වෙතම යොමු කර තිබේ.

ඒ අනුව පොලිස් නිලධාරීන්ගේ 2025 වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කළ යුතු දිනය 2025 ජුනි 30 වන දිනට දීර්ඝ කර ඇතැයි ද වැඩබලන පොලිස්පතිවරයා විසින් දන්වා සිටියි.

අත්‍යවශ්‍ය හේතූන් මත 2025 ජුනි 30 දිනට පෙර වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිලධරයන් සිටී නම්, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් පළාත් මට්ටමින් සකස් කර, නියෝජ්‍ය පොලිස්පති මානව සම්පත් කළමනාකරණ සහ ජාත්‍යන්තර සබඳතා දිසාව වෙත යොමු කිරීමට කටයුතු කළ යුතු බවත් වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයේ සඳහන් වේ.

නමුත් රාජකාරි අවශ්‍යතාවය මත 2025 වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීමට මෙම නියෝගය බාධාවක් නොවන බවද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩිදුරටත් දන්වා සිටියි.

වැඩබලන පොලිස්පතිවරයාගේ මෙම තීන්දුවත් සමග දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල රාජකාරි කළ සිය පෞද්ගලික අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් අපේක්ෂාවෙන් සිටි පොලිස් නිලධාරීන් රැසක් දැඩි ලෙස අගතියට පත්වී තිබෙන බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගය ප්‍රකාරව 2025 වාර්ෂික ස්ථානමාරුවීම් ලැබීමට ඉල්ලුම් කර ඇති සහ එය අනුමත වූ පොලිස් නිලධාරීන්ට 2025 ජුනි 30 වන දින තෙක් සිය ස්ථානමාරුවීම් සිදුකර ගැනීමට අවස්ථාවක් නොලැබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories