ඡන්දය භාවිතා කිරීමට යම් අයෙකුට ජාතික හැදුනුම්පත් නොමැති නම් ඔවුන්ට රියැදුරු බලපත්‍රය භික්ෂු හැඳුනුම්පත විශ්‍රාමික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලවත්ර යොදාගැනීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එවැනි කිසිවක් නොමැති පුද්ගලයකුට මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාවක් පවතින බවයි එහි කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය.
ඒ අනුව තම කොට්ඨාශය භාර ග්‍රාමනිලධාරිවරයා හමුවීමට ගොස් ඡයාරූප දෙකක් හා අවශ්‍ය ලියකියවිලි භාරදීමෙන් පසුව එම හැදුණුම් පත ලබාගත හැකිබව වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.