2026 ජූලි 31 සිකුරාදා, 01:20
නවතම පුවත්

ප්‍රධාන රෝහල්වල පරීක්‍ෂණ පුද්ගලික රෝහල්වලින් කරගන්නැයි උපදෙස්

කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා ප්‍රධාන රෝහල් රැසක CT, MRI, CARDIAC MRI, ANGIOGRAM වැනි ප්‍රධාන වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමේදී ඇතිවන දැඩි ප්‍රමාදය හේතුවෙන්, එම පරීක්ෂණ පුද්ගලික අංශයෙන් සිදු කර ගන්නා ලෙස රෝගීන්ට උපදෙස් දීමට සිදුවීමෙන් සාමාන්‍ය මහජනතාව දැඩි පීඩාවට පත්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

රෝහල්වල පවතින මෙම ප්‍රමාදයට ප්‍රධාන හේතුව වී ඇත්තේ යන්ත්‍ර සූත්‍ර නිසි පරිදි නඩත්තු නොකිරීම, නඩත්තු ගිවිසුම් අලුත් නොකිරීම, ඇතැම් යන්ත්‍ර කල්පැන ගොස් පැවතීම සහ අලුතින් යන්ත්‍ර මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවක් නොමැති වීමයි.

ඊට අමතරව, යන්ත්‍ර සූත්‍ර සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලික අංශයේ ආයතනවල පවතින ඒකාධිකාරය, විකිරණ පරීක්ෂණවල මෘදු පිටපත් නිකුත් කිරීම සම්බන්ධ ගිවිසුම්වල ඇති අඩුපාඩු සහ අදාළ ආයතන සඳහා වන ගෙවීම් යාවත්කාලීන නොවීම වැනි ගැටලු රැසක් මත පොරොත්තු ලේඛනවල රැඳී සිටීමට සිදුවන කාලය විශාල ලෙස ඉහළ ගොස් ඇත.

මේ හේතුවෙන් රජයේ රෝහල්වලින් කල් ඇතුව පරීක්ෂණ සිදු කර ගැනීමට නොහැකි බොහෝ රෝගීන්ට පුද්ගලික අංශය වෙත යාමට සිදුව ඇත. වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන පරිදි, ඉතා කුඩා ස්කෑන් පරීක්ෂණයක් සඳහා පවා රුපියල් තිස් දහසකට ආසන්න මුදලක් ගෙවීමට සිදුවන අතර, ප්‍රධාන පෙළේ විකිරණ තාක්ෂණ පරීක්ෂණයක් සඳහා රුපියල් ලක්ෂයකට අධික මුදලක් ගෙවීමට සිදුවීමෙන් සාමාන්‍ය ජනතාව දැඩි ආර්ථික අපහසුතාවයකට පත්ව ඇත.

මෙම තත්ත්වය හෘද රෝගීන්, පිළිකා රෝගීන්, ශල්‍යකර්ම බලාපොරොත්තුවෙන් සිටින රෝගීන් සහ ආර්ථික වශයෙන් දුෂ්කරතා ඇති රෝගීන් ඇතුළු පිරිසක් දැඩි අසරණභාවයට පත් කර ඇත. වෛද්‍ය සංජීව මහතා අවධාරණය කරන්නේ වසර ගණනාවක් මුළුල්ලේ පවතින මෙම ගැටලුව කඩිනමින් විසඳීම සඳහා ජනාධිපතිවරයාගේ ක්ෂණික අවධානය යොමු විය යුතු බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහ අනෙකුත් වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට වෘත්තීය සමිති දිගින් දිගටම උත්සාහ කළද, මේ දක්වා සාධනීය ප්‍රතිඵල ලැබී නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. නව රෝහල් ඉදිකිරීමට පෙර දැනට පවතින රෝහල්වල අඩුපාඩු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු නොවන්නේ නම්, රජය කෙරෙහි ඇති මහජන අප්‍රසාදය වැඩි වර්ධනය විය හැකි බවට ඔහු අනතුරු අඟවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories