2026 ජූලි 31 සිකුරාදා, 00:00
නවතම පුවත්

මැදපෙරදිග නොසන්සුන්තා: කටාර් සහ ඉරාක අමෙරිකානු ඉලක්කවලට ඉරාන ප්‍රහාර. ගුවන් ගමන් අඩාල වෙයි, කලාපීය ආරක්ෂාව අනතුරක


මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. ඉරානය විසින් කටාර් සහ ඉරාකයේ පිහිටි ඇමරිකානු කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමත් සමඟ කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුව ඇත.


කටාර් සහ බහරේන ගුවන් අවකාශය වසයි

කටාර් රාජ්‍යය තම ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේය. පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගත් මෙම තීරණය අනුව, කටාර්හි හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පියාසර කිරීමට නියමිත සියලු ගුවන් යානා ආසන්න වෙනත් ගුවන්තොටුපොළවල් වෙත හරවා යැවේ. මේ අතර, බහරේනය ද සිය ගුවන් අවකාශය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.


ශ්‍රී ලංකන් ගුවන් සේවයට බලපෑම්

මැදපෙරදිග වත්මන් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් පහක් වෙනත් ගුවන්තොටුපොළවල් වෙත හරවා යවා තිබේ. ඒ අනුව, මෙම ගුවන් යානා මස්කට් (ඕමානය), රියාද් (සෞදි අරාබිය) සහ ඩුබායි වෙත ආරක්ෂිතව ගොඩබස්සවා ඇත. කටාර් බලා පියාසර කළ එක් ගුවන් යානයක් ආරක්ෂිතව අබුඩාබි වෙත ගොඩබස්සවා ඇති බවද වාර්තා වේ.

FitsAir ගුවන් යානයක් ඩුබායි බලා පියාසර කරමින් තිබියදී මස්කට් වෙත හරවා යැවූ නමුත්, මස්කට් ගුවන්තොටුපොළේ ගොඩබෑමට අවසර නොලැබීම හේතුවෙන් නැවත ඩුබායි වෙත හරවා යැවීමට සිදුව ඇත. මෙම ගුවන් යානා කුවේට්, අබුඩාබි සහ දෝහා වෙත පියාසර කිරීමට නියමිතව තිබී ඇත.


කලාපීය අනතුරු ඇඟවීම් සහ සූදානම

මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ කටාර්හි පිහිටා ඇති මැදපෙරදිග විශාලතම ඇමරිකානු හමුදා කඳවුර වන අල් උඩෙයිඩ් ගුවන් කඳවුර වෙත ඉරාන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් මතුව ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ කටාර්හි සිටින ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය පුරවැසියන්ට නැවත දැනුම් දෙන තුරු එම ස්ථානවල රැඳී සිටින ලෙසට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණි.

සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ, යම් ගුවන් යානයක් ශ්‍රී ලංකාව වෙත ගොඩබෑම සඳහා ඉල්ලීමක් කළහොත් ඒ සඳහා මත්තල සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් සූදානම් කර ඇති බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories