2026 ජූලි 29 බදාදා, 04:28
නවතම පුවත්

ඩොනල්ඩ් ලූ දිවයිනට

ඇමරිකානු එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා දිවයිනට පැමිණ තිබේ.

ඩොනල්ඩ් ලූ මහතා සමග එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් උසස් නිලධාරීවරයෙකු ද දූත පිරිස ලෙස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ඔවුන් අද (05) අලුයම 02.55ට දෝහා නුවර සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 662 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණියේය.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

තිරසාර ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම, දූෂණයට එරෙහිව සටන් කිරීම සහ මිනිසුන් අතර සබඳතා ශක්තිමත් කිරීම සහ අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාම ඩොනල්ඩ් ලූ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ බව වාර්තා වේ.

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා දෙසැම්බර් 10 වන දින දක්වා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ නේපාලය යන රටවල සංචාරය කිරීමට නියමිතය.

කලාපීය සමෘද්ධිය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා දකුණු ආසියාවේ ප්‍රධාන හවුල්කරුවන් සමග සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට පැමිණෙන අමෙරිකානු නියෝජිත පිරිස මෙරට නව පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් සමාජයේ නියෝජිතයින් හමුවීමට නියමිතව තිබේ.

වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අමෙරිකා එක්සත් ජනපදය සහය විය හැකි ආකාරය පිළිබඳව මෙම සංචාරයේ දී අවධානය යොමුකිරීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් ද අවධානය යොමුකිරීමට නියමිතය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories