ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියා වන සුරංග වෙල්ලාලගේ මරණයට හේතුව සම්බන්ධව විවිධ පුවත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
බොහෝ දෙනා ප්‍රකාශ කරනුයේ ඔහු මිය යාමට හේතුව දුනිත් වෙල්ලාලගේ ඇෆ්ගනිස්තානයට එරෙහිව අවසන් ඕවරය තුළ යොමු කළ පන්දු හමුවේ මොහොමඩ් නබී දැවැන්ත හයේ පහරවල් 05ක් එල්ල කිරීම දැක කම්පනය හේතුවෙන් හෘදයාබාධයක් ඇති වූ බවයි. නමුත් එම පුවත අසත්‍ය පුවතක් බවත්, ඔහු වෙල්ලාල අවසන් ඕවරය තුළ පන්දු යැවීමට පෙර ඔහු අසනීප තත්වයේ පසු වූ බව පවුලේ ආරංචි මාර්ග මඟින් සඳහන් කරයි.