2026 ජූලි 31 සිකුරාදා, 03:00
නවතම පුවත්

අනුමැතිය රහිත අනවසර ඉදිකිරීම් වහාම නවතන්න . හැටන් දික්ඔය නගර සභාවෙන් දැඩි නියෝග

දිට්වා සුළි කුණාටුවෙන් පසු පවතින අවදානම් තත්ත්වය සලකා බලා, හැටන් දික්ඔය නගර සභා සීමාව තුළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ හෝ නගර සභාවේ නිසි නිර්දේශ නොමැතිව සිදුකරන සියලුම ඉදිකිරීම් වහාම නතර කිරීමට පියවර ගෙන තිබේ. හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතාගේ උපදෙස් පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් ප්‍රදේශයේ ජනතාව මේ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

නගර සභා සීමාව තුළ ඇතැම් පිරිස් නිසි අනුමැතියකින් තොරව ඉදිකිරීම් සිදුකරන බවත්, තවත් පිරිසක් අනුමත සැලසුම්වලට පටහැනිව කටයුතු කරන බවත් සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඇතැම් අවස්ථාවලදී නගර සභාවේම නිලධාරීන්ගේ සහයෝගය මත මෙවැනි අක්‍රමවත් ඉදිකිරීම් සිදුවන බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, එවැනි සියලු කටයුතු නතර කිරීමට නගර සභාව දැඩි තීරණයක් ගෙන තිබේ.

ඉදිකිරීම් සීමා කිරීමට අමතරව, නගර සභා සීමාව තුළ අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ද දැඩි අවධානයක් යොමු කර ඇත. නගරයේ පිරිසිදුකමට සහ ජලාපවහන පද්ධතියට බාධා වන අයුරින් කසළ බැහැර කරන පිරිස් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද සභාපතිවරයා අවධාරණය කළේය.

නායයෑම් සහ නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශ ලෙස නම් කර ඇති ස්ථානවල මෙවැනි අනවසර ඉදිකිරීම් සිදුකිරීම මහජන ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව බලධාරීහු පවසති. එබැවින් ඉදිරියේදී සිදුවිය හැකි ආපදා වළක්වා ගැනීම සඳහා නගර සභාව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබා දෙන උපදෙස් ඒ අයුරින්ම පිළිපදින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories