2026 ජූලි 31 සිකුරාදා, 08:57
නවතම පුවත්

මිල්කෝ – NLDB ඉන්දියාවේ අමුල්ට නොදෙන බවට රජය සහතික වෙයි

සීමාසහිත ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) සහ මිල්කෝ සමාගමට අයත් ගොවිපළවල් සහ කිරි බෙදාහැරීමේ මධ්‍යස්ථාන ඉන්දියාවේ අමුල් කිරි සමාගමට බදු දීමට පසුගිය පාලනාධිකාරිය කළ යෝජනාව ඉදිරියට ගෙනයෑමට රජය තීරණය කර නොමැති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පාර්ලිමේන්තුවේදී ඊයේ සහතික විය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මෙම සහතිකය ලබාදුන්නේය.

පසුගිය ආණ්ඩුව සියලුම NLDB ගොවිපළවල් සහ මිල්කෝ සමාගම අමුල් සහ වෙනත් විදේශීය සමාගමකට පැවරීමට උත්සාහ කළේය.

ඊට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ගොවි සම්මේලනයේ දැඩි ලෙස විරෝධය එල්ල කළේය.

රජයට අයත් මෙම වත්කම් අඩු මුදලකට විකුණා දැමීමේ සැලසුම නවතා ඇති අතර, ඒ කිසිවක් අදාළ යෝජිත ආයතන වෙත ලබා නොදෙන බවද ඔහු පැවසීය.

මෙම ආයතන සඳහා සඳහා සංවර්ධනය අවශ්‍ය බවත්, දේශීය ආයෝජකයන් සහ ව්‍යවසායකයන් සම්බන්ධ කර ගැනීම පිළිබඳව සොයාබැලීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වසරේ ජූලි මාසයේදී, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එක්ව, මිල්කෝ සහ NLDB සතු ගොවිපල දිගුකාලීන පදනමක් මත ඉන්දියාවේ අමුල් කිරි සමුපකාරයට බදු දීමට යෝජනා කරන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය.

මෙම යෝජනාවෙන් මිල්කෝ සහ NLDB ගොවිපළ වසර 99කට අමූල් සමාගමට බදු දීමට යෝජනා කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories