2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 19:28
නවතම පුවත්

රේගු මගඩිය නිසා රටට කෝටි ගණනක අලාභයක්, ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්!

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද කමිටු වාර්තාවක් මගින්, රේගු පරීක්ෂාවකින් තොරව ආනයන බහාලුම් 323ක් නීතිවිරෝධී ලෙස මුදාහැරීමේ බරපතල වරද සහ ඊට අදාළ ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිදරව් වී තිබේ.

මෙම සිද්ධිය රටේ ආර්ථිකයට සහ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල කර ඇති බව වාර්තාව අවධාරණය කරයි. රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීම මගින් රජයට කෝටි ගණනක විශාල බදු ආදායමක් අහිමි වී ඇති අතර, එය රටේ ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල කරයි. තහනම් ද්‍රව්‍ය, නීතිවිරෝධී භාණ්ඩ හෝ වෙනත් ආරක්ෂක තර්ජන රට තුළට ඇතුළු වීමට මෙවැනි ක්‍රියාවන් හේතු විය හැකි බැවින් මෙය ජාතික ආරක්ෂාවට ද බරපතල තර්ජනයක් වී ඇත.

වාර්තාව මගින් පෙන්වා දෙන්නේ, බහාලුම් නිදහස් කිරීමේදී රේගු ආඥාපනතේ සහ අනෙකුත් අදාළ නීති රීතිවල ප්‍රතිපාදන බරපතල ලෙස උල්ලංඝනය වී ඇති බවත්, මෙම ක්‍රියාවලියට සම්බන්ධ රේගු නිලධාරීන්ගේ වගකීම් පැහැර හැරීම සහ අධීක්ෂණයේ අඩුපාඩු පැවති බවත් ය. රේගු දෙපාර්තමේන්තුවේ පවතින අභ්‍යන්තර පාලන පද්ධතිවල බරපතල දුර්වලතා මෙන්ම, රේගු ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳව ද මෙම සිද්ධිය බරපතල ප්‍රශ්න මතු කර ඇත.

මෙවැනි තත්ත්වයන් අනාගතයේදී වළක්වා ගැනීම සඳහා කමිටුව විසින් රේගු පරීක්ෂණ ක්‍රියාවලිය වහාම ශක්තිමත් කිරීම, මෙම සිද්ධියට සම්බන්ධ සියලුම වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව දැඩි විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, රේගු ආඥාපනත සහ අනෙකුත් අදාළ නීති ප්‍රතිපාදන කඩිනමින් සංශෝධනය කිරීම, අභ්‍යන්තර පාලන ක්‍රමවේද ශක්තිමත් කරමින් විනිවිදභාවය තහවුරු කිරීම, සහ රේගු නිලධාරීන්ගේ දැනුම හා පුහුණුව වැඩිදියුණු කිරීම ඇතුළු ප්‍රබල නිර්දේශ රැසක් ඉදිරිපත් කර ඇත. වාර්තාවේ සම්පූර්ණ පිටපත මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබාගත හැක.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories