2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 12:19
නවතම පුවත්

දකුණේ ආණ්ඩුකාරවරයා ඩඩ්ලි සිරිසේනට යටවෙලා! ආණ්ඩුකාරවරයාටම චෝදනා පත්‍රයක්

ජනාධිපතිවරයාගේ පළාතේ නියෝජිතයා ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර රාජ්‍ය චක්‍රලේඛණවට පටහැණිව ගාල්ල උණවටුන සංචාරක කලාපයේ ඉදිකීරීම් සම්බන්ධව රාජ්‍ය ආයතනවලට ලබා දී ඇති වැරදි උපදෙස් වහාම නිවැරදි කරන ලෙස ඉල්ලා ආණ්ඩුකාරවරයාට ලිඛිතව පැමිණිල කළ බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයන්ගේ එකමුතුවේ සභාපති සමීර සේනක ද සිල්වා පවසයි.

සිය සංවිධානය මගින් ඊයේ (16) දින දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වෙත සංදේශයක් භාර දී මේ ආකාරයට සිදුකරන අකටයුතු සම්බන්ධව ආණ්ඩුකාරවරයා දැනුවත් කළ බව ද සමීර සේනක ද සිල්වා ප්‍රකාශ කළේය.

‘ලොකු එකාට එක නීතියකුත් පොඩි එකාට තව නීතියකුත්’ දමා අනීතික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මධ්‍යම රජයේ ආයතන වලට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලබාදෙන ඒකපාර්ශ්වික, පදනම් විරහිත, නීත්‍යනුකුළ නොවන, උපදෙස් හේතුවෙන් උණවටුන සංචාරක කලාපයේ අවිධිමත් අනවසර ඉදිකිරිම් රැසක් සිදුකරන්නට ව්‍යාපරිකයන්ට අවස්ථාව ලැබී ඇති බව ද හෙතෙම කීය.

පළාත් ආණ්ඩුකාරවරයා තම හිතුමතේ වෙරළ කලාපය සම්බන්ධයෙන් නීන්දු තීරණ ගන්නා වූ රාජ්‍ය ආයතනවලට ලබාදෙන වැරදි උපදෙස් නිසා උණවටුන සංචාරක කලාපය ජනතාවට අහිමිවන බවත්, සංචාරක කලාපයේ අනවසර ඉදිකිරීම් සඳහා ව්‍යාපරික ප්‍රජාවට අවස්ථාව සැලසී ඇති බවත් සමීර සේනක සිල්වා කියාසිටියේ ය.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ජනපතිගේ බලතලවලටත් එහා යමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද අමුඅමුවේ උල්ලංඝනය කරමින් මෙම තින්දු තීරණ ගන්නේ අරලිය හෝටල ව්‍යාපාරියේ අධිපති අරලිය සහල් මෝල් අධිපති ඩඩ්ලි සිරිසේන වැනි උණවටුන සංචාරක කලාපයේ අනවසර ඉදිකිරීම් සිදුකරන දැවන්ත මහාපරිමාණ ව්‍යාපාරිකයන්ගේ උවමනාව මත බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

එසේ ලබාදුන් වැරදි උපදෙස් නැවත නිවැරදි කරන ලෙස දකුණු ආණ්ඩුකාර වෙත තමන් ලිඛිතව සංදේශයක් ලබාදුන් බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයන්ගේ එකමුතුවේ සභාපති සමීර සේනක ද සිල්වා වැඩිදුරටත් පැවැසීය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories