2026 ජූලි 29 බදාදා, 08:38
නවතම පුවත්

මුල්ලිවයික්කාල්වලින් ගොඩබැස්ස රෝහින්ග්‍යා සරණාගතයන්ට මොකද වෙන්නේ

දින ගණනාවක් මුහුදේ දුෂ්කරතා විඳි රෝහින්ග්‍යා සරණාගතයන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් සියයකට අධික පිරිසක් රැගත් බෝට්ටුවක් ඊසානදිග මුල්ලිවයික්කාල් වෙරළට ඔබ්බෙන් ශ්‍රී ලංකා සමුද්‍ර දේශසීමා බලධාරීන් විසින් සිකුරාදා අත්අඩංගුවට ගෙන තිබිණි.

ළමුන් 45 දෙනෙකු ඇතුළු 103 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම මියන්මාරයේ රඛයින් ප්‍රදේශයෙන් පළා ගොස් තිබේ.

ප්‍රචණ්ඩත්වය හේතුවෙන් 2017 වසරේ සිට රොහින්ග්‍යා ප්‍රජාවට එම ප්‍රදේශයෙන් පළා යෑමට සිදු විය.

රෝහින්ග්‍යා ජනතාව පරම්පරා ගණනාවක් එරට ජීවත් වුවද මියන්මාරය පුරවැසියන් ලෙස හඳුනා නොගැනීම නිසා ඔවුන්ට රටක් නොමැති වී තිබේ.

“අපි රටින් පිටත් වුණේ බෝට්ටු තුනකින්, ඉන් දෙකක් කැඩුනා. ඒ බෝට්ටු දෙකේ අය අපේ බෝට්ටුවට නැග්ගා. ආපසු එන අතරමගදී, අපේ හය දෙනෙක් මිය ගියා, ඒ අතර ළමුන් 4 දෙනෙකුත් හිටියා. මළ සිරුරු මුහුදට විසි කළා,”යනුවෙන් එක් සරණාගතයෙක් පැවසීය.

ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගෙන පසුව ත්‍රිකුණාමලය වැඩබලන මහේස්ත්‍රාත් අබ්දුල් සලාම් සහීර් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ඇතුළු වූ සරණාගතයන් 103 දෙනා රඳවාගෙන සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත යොමු කරන ලෙස වරාය පොලිසියට නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ ආගමන විගමන පනත යටතේ සිදුවන වැරදි සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් සළකා බැලීමෙන් අනතුරුවය.

ට්‍රෝලර් යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ 12 දෙනා දෙසැම්බර් 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර අනෙක් අය නවාතැන් දීම සඳහා ප්‍රදේශයේ පාසලකට ගෙන යන ලදී.

සරණාගතයන් පැමිණීමෙන් පසු වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර ආහාර සහ අනෙකුත් අවශ්‍යතා ලබා දෙන ලදී.

අහම් මානව සම්පත් මධ්‍යස්ථානය (AHRC) සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් කාන්තා ජාලය (TDWN) ඇතුළු සිවිල් සමාජ සංවිධාන සරණාගතයන් සඳහා ආහාර සහ අනෙකුත් පහසුකම් සපයා තිබිණි.

මියන්මාරයේ පවතින අභ්‍යන්තර ‘වාර්ගික ගැටුම’ හේතුවෙන් ඔවුන් තම නිවස හැර ගිය බව සරණාගතයෙක් පැවසීය.

“මට රටේ ආරක්‍ෂක අංශවලට අල්ලස් දීලා නීතිවිරෝධීව පළා යන්න සිද්ධ වුණා” යැයි ඔහු පැවසීය.

ඔවුන් යන්නේ කොතැනටද යන්න පිළිබඳ ඔවුන්ට අදහසක් නොතිබූ නමුත් ඔවුන්ට ආරක්ෂිතව යෑමට අවශ්‍ය වූ බව ඔහු පැවසීය.

තවත් සරණාගතයෙක් පැවසුවේ තම ගමට බෝම්බ හෙළන බැවින් ආරක්ෂාව පතා රට හැර යෑමට සිදුවුණු බවයි.

විමර්ශනයේදී එක් සරණාගතයකු කියා සිටියේ තමන් මියන්මාරයෙන් බෝට්ටුවෙන් පිටත්ව ගොස් දින 16ක් මුහුදේ සිටි බවයි.

මියන්මාරයේ සිට ශ්‍රී ලංකාව දක්වා විවෘත මුහුද හරහා ඇති දුර කිලෝමීටර් 2000කට වඩා වැඩිය.

පිරිස දින ගණනක් ගමන් බිමන් ගියේ අවම සනීපාරක්ෂක පහසුකම් නොමැතිවය.

සමහර කුඩා දරුවන් සහ කාන්තාවන් විජලනය වී ඇවිදීමට නොහැකිව සිටිනු දක්නට ලැබිණි.

සරණාගතයන් බැලීමට ගිය නියෝජ්‍ය විදේශ ඇමැති අරුන් හේමචන්ද්‍ර පැවසුවේ ජාතික හා අන්තර්ජාතික නීතියට අනුව පියවර ගන්නා තෙක් ඔවුන් වීසා නොමැතිව විදේශිකයන් සිටින මිරිහාන විවෘත රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යන බවයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories