2026 ජූලි 29 බදාදා, 16:45
නවතම පුවත්

ජෝන්ස්ටන්ට එරෙහි දූෂණ නඩුව කල් යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ස.තො.ස ආයතනයේ සේවකයින් දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව, අද (ජූනි 23) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනුණු අතර, එහිදී අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරි වශයෙන් කටයුතු කළ ඒ.එම්. විජේරත්න මහතාගෙන් විත්තියේ නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න විමසීම සිදු කරන ලදී.

හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව, වැඩිදුර නඩු විභාගය ජූලි 30 වනදා දක්වා කල් දැමීමට විනිසුරුවරිය නියෝග කළාය. එදිනට සාක්ෂිකරුවෙකු අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසද විනිසුරුවරිය නියෝග කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර ඇත්තේ, 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ස.තො.ස ආයතනයේ සේවයේ නියුතු සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කොට, අල්ලස් පනත යටතේ “දූෂණය” නැමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමිනි. හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් වන සාක්ෂි සහ අධිකරණයේ තීරණය පිළිබඳව රටේ අවධානය යොමුවී තිබෙනවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories