2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 08:40
නවතම පුවත්

ආයුර්වේද ඖෂධ හා රූපලාවණ්‍ය නිෂ්පාදනය රජයේ නියාමනයට

ආයුර්වේද ඖෂධ මෙන් ම ආයුර්වේද රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමුකරමින් නියාමනයකට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

අමාත්‍යවරයා මෙම අදහස් දැක් වූයේ, ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවට සාමාජිකයන් පත් කිරීම වෙනුවෙන් ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඒ, රාජගිරිය ආයුර්වේද ජාතික රෝහල් ශ්‍රවණාගාරයේදී ය.

ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවට සභාපතිවරයා ඇතුළුව සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානයෙන් අනතුරුව පළමු ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභා සැසිවාරය ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එහිදී පැවැත්විණි.

දේශීය ඖෂධ නිෂ්පාදනාගාර, දේශීය ඖෂධ වර්ග නිෂ්පාදනය, දේශීය ඖෂධ වෙළෙදසැල්, දේශීය වෛද්‍ය උපකරණ, දේශීය වෛද්‍ය රූපලාවණ්‍ය නිෂ්පාදනය, දේශීය ඖෂධ ආනයනය සහ අපනයනය, දේශීය ඖෂධ ගබඩා කිරීම සහ ප්‍රවාහනය සහ දේශීය ඖෂධ කර්මාන්තයට අදාළ ඔසු වගාව යන අංශවල නියාමනය සඳහා වූ නීති ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාව යටතේ ආවරණය වේ.

එමෙන් ම, ආයුර්වේද ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුව, ආයුර්වේද නිෂ්පාදනාගාර, ගබඩා අගැයීමේ කමිටුව, ආයුර්වේද නිෂ්පාදනාගාර, ගබඩා සහ වෙළඳපොළ විමර්ශන කමිටුව, ඖෂධ පැළෑටි අගැයීම සදහා වූ නිලධාරීන්ගේ කමිටුව යන කමිටු හතර ද ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

ආයුර්වේද ක්ෂේත්‍රයේ නියාමනය වගකීමෙන් දුරස් වූ විට ගුණාත්මක, තත්ත්වයෙන් උසස් නිෂ්පාදන ජනතාවට නොලැඹෙන බව ත් වර්තමානය වන විට ඒ පිළිබඳව පැමිණිලි රාශියක් ලැබී තිබෙන බව ත් අමාත්‍යවරයා තවදුරට ත් පැවසීය.

දේශීය වෛද්‍ය ක්‍රමය මනා ලෙස සංවර්ධනය කරමින් අනාගත ඉලක්ක ගතව එම වෛද්‍ය ක්‍රමයට අදාළ වූ සුවිශේෂතා හදුනාගනිමින් එම සුවිශේෂතා සංචාරක ව්‍යාපාරය හා බද්ධ කර සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම ද වත්මන් රජයේ ප්‍රධාන අරමුණක් බව ද මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, සංචාරක කලාපයන්හි ස්ථාපිත බටහිර සහ ආයුර්වේද රෝහල් පද්ධතියන් හි සංකලනයක් ඇතිකොට එහි මානව හා භෞතික පහසුකම්වල ද කඩිනම් වර්ධනයක් සිදු කිරීමට රජය ක්‍රියා කරන බව ය

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories