2026 ජූලි 29 බදාදා, 02:19
නවතම පුවත්

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි

මීගමුව බන්ධනාගාරය තුළ පසුගිය දිනවල ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය හේතුවෙන් පුද්ගලයින් 27 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීම සහ 100කට අධික පිරිසක් තුවාල ලැබීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටියි.

මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් ශෝකය පළ කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය, මියගිය අයගේ පවුල් වෙත සිය බලවත් සංවේගය පළ කරන අතර තුවාල ලැබූවන් ඉක්මනින් සුවය ලබන ලෙස ප්‍රාර්ථනා කරයි. බන්ධනාගාර නිලධාරීන් මෙන්ම රැඳවියන් ද රාජ්‍යයේ රැකවරණය සහ ආරක්ෂාව යටතේ සිටින බැවින්, ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම රජයක මූලික වගකීමක් බව එක්සත් ජාතීන් පෙන්වා දෙයි.

මෙම සිදුවීම මගින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය, යල්පැන ගිය ක්‍රමවේද සහ දුර්වල පහසුකම් වැනි දිගුකාලීන ගැටලු සහ ඒ සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීමේ අවශ්‍යතාවය මනාව පැහැදිලි වන බව එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රජය විසින් ස්වාධීන කමිටුවක් පත් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය සාදරයෙන් පිළිගනී. මෙම කමිටුවේ සොයාගැනීම් බන්ධනාගාර පද්ධතියේ තිරසාර දියුණුවක් ඇති කිරීමට දායක වනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති. බන්ධනාගාර ආරක්ෂාව ශක්තිමත් කිරීමටත්, රඳවා ගැනීමේ කොන්දේසි වැඩිදියුණු කිරීමටත් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ යහපැවැත්ම නංවාලීමටත් තාක්ෂණික සහයෝගීතාව හරහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව එක්සත් ජාතීන් නැවතත් තහවුරු කර සිටියි.

පුවතකට එහා ලෝකයකට ඔබේ මනස විවර කරන සයිබර් අවකාශය>>>Island Voice

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories