2026 ජූලි 27 සඳුදා, 00:10
නවතම පුවත්

බිත්තර මිල රුපියල් 70 දක්වා ඉහළ යන බවට පළවන තොරතුරු අසත්‍යයි

බිත්තරයක මිල රුපියල් 70 දක්වා ඉහළ යන බව කියමින් මවා පෑවද, බිත්තරය රුපියල් 45 සීමාවෙන් අඩුවට පාරිභෝගිකයාට ලබා දෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, රුපියල් 70 සීමාවට බිත්තර මිල ඉහළ යන බවට විවිධ පාර්ශ්ව විසින් වැරදි තොරතුරු සමාජගත කර මෙම ක්ෂේත්‍රය වැට්ටවීමට උත්සාහ කර ඇති බවය.

නිෂ්පාදකයා මිල නියම කළායින් පසු අතරමැදියන් තමන්ගේ ලාභ ප්‍රයෝජන වෙනුවෙන් මිලක් නියම කිරීමෙන් පාරිභෝගිකයාත්, ගොවියාත් අතරමං වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

විශාල මිලක් යන බවට තොරතුරු ලැබීම නිසා පාරිභෝගික කටයුතු හා වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා තම සංගමය කැඳවූ බවත්, ඒ වනවිට ඇමතිවරයා දැනුම්වත් වී සිටියේ ඉකුත් ආපදාවෙන් සතුන් ලක්ෂ 30ක් පමණ මියගොස් ඇතැයි යනුවෙන් බවත් සභාපතිවරයා කීය.

එහෙත්, දැදුරු ඔය නිම්නයේ මියගිය සතුන් ලක්ෂ පහක් සමගින් දිවයිනේ මියගොස් ඇත්තේ සතුන් ලක්ෂ 8ක් පමණක් බව ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව, මේ නත්තලින් පසුව රුපියල් 35ත් 40ත් අතර මුදලකට බිත්තර මිල ස්ථාපිත වන බව ඇමතිවරයාට පැහැදිලි කළ බව සභාපතිවරයා පැවසීය.

ආපදා තත්ත්වය බිත්තර නිෂ්පාදනයට බලපෑ අයුරු පැහැදිලි කරමින් ඔහු මෙසේ ද කීවේය: “පසුගිය වැසි සහ සුළං කාලේ තහඩු හුළඟෙ ගිහින් ඇතුළවල් තෙමුණා. තදින් වැස්ස තිබුණ අවධියේ විදුලිය විසන්ධිවීමෙන් ජල පහසුකම් නැතිවුණා වගේම කෑම දෙන්න සේවකයන්ට යන්න බැරිවුණා. සත්තුන්ට කෑම නැතිව බිම තියන අපද්‍රව්‍ය ආහාරයට අරං බිත්තර දාන ප්‍රමාණය අඩුවුණා. බේකරිවලට දැන් තියෙන ඉල්ලීම නත්තලෙන් පස්සෙ නැතිවෙනවා. මේ සියල්ල අපි ඇමතිවරයාට පහදලා දුන්නා.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories