2026 ජූලි 31 සිකුරාදා, 20:02
නවතම පුවත්

කොල්කටා නයිට් රයිඩර්ස් උපදේශක සංගක්කාරද?

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ 2025 අදියරේ කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායමේ උපදේශක ලෙස ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර එක්වීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කොල්කටා කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කළ ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් නිමා වූ විස්සයි20 ලෝක කුසලානයෙන් පසු ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ලෙසින් නම් කෙරුණි.

ඒ හේතුවෙන් මේ වනවිට කොල්කටා කණ්ඩායමේ උපදේශක තනතුර පුරප්පාඩු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව කොල්කටා කණ්ඩායමේ සම හිමිකරු ලෙසින් කටයුතු කරන ෂාරුක් ඛාන් සහ සංගක්කාර අතරද මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා.

2021 වසරේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙසින් එක්වූ සංගක්කාර ඉදිරියේදී එම තනතුරෙන් ඉවත් වීමට නියමිත බව සඳහන් ය.

ඒ හේතුවෙන් රාජස්ථාන් ප්‍රධාන පුහුණුකරු ලෙසින් විස්සයි20 ලෝක ශූර ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ රාහුල් ඩ්‍රාවිඩ් පත් කිරීමට රාජස්ථාන් පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

2022 සහ 2023 අයි.පී.එල්. අදියරයන්හි ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කළ ගාම්භීර්, 2024 වසරේදී කොල්කටා හා එක් විය.

වත්මන් අයි.පී.එල්. ශූරයන් ලෙසින් කොල්කටා කණ්ඩායම මෙහෙවීම සඳහා ගාම්භීර්ගෙන්ද සුවිශේෂී දායකත්වයක් ලැබුණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories