පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ආධාර රැගත් ගුවන් යානයක් අද (දෙසැම්බර් 02) අලුයම ශ්‍රී ලංකාවට ළඟා විය.
මෙම පරිත්‍යාගයට ආහාර, කූඩාරම් ඇතුළු මානුෂීය ආධාර තොගයක් ඇතුළත් වේ.
කොළඹ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Rashed Ali Al Mazrouei මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා (මැදපෙරදිග) සෙව්වන්දි ද සිල්වා, මේජර් ජෙනරාල් සුමේධ විජේකෝන් සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් දමින්ද රඹුක්වැල්ල යන මහත්ම මහත්මීන්ට එම ආධාර තොගය නිල වශයෙන් භාර දී තිබේ.