2026 ජූලි 28 අඟහරුවාදා, 23:08
නවතම පුවත්

බූස්ස පාතාලය ගැන විපක්ෂ මන්ත්‍රීවරයෙකුගෙන් ප්‍රශ්න කරයි

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සැකකෙරෙන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම සිද්ධියට අදාළව කරුණු විමසීම සඳහා අදාළ මන්ත්‍රීවරයා පොලිස් භාරයට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ද පියවර ගෙන ඇත.

මීට මාස කිහිපයකට පෙර පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් බූස්ස බන්ධනාගාරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී රැඳවියන් සන්තකයේ තිබී ජංගම දුරකතන ඇතුළු උපකරණ තොගයක් සොයාගන්නා ලදී. එම දුරකතන සම්බන්ධයෙන් සිදුකළ විද්‍යාත්මක සහ තාක්ෂණික පරීක්ෂණවලදී එක් දුරකතන අංකයක් අදාළ මන්ත්‍රීවරයා පදිංචි ලිපිනය යටතේ ලියාපදිංචි වී ඇති බවට අනාවරණය වීමත් සමඟ මෙම විමර්ශන දැඩි වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ දුරකතන දත්ත විශ්ලේෂණවලදී හෙළි වී ඇත්තේ බන්ධනාගාරගතව සිටින ප්‍රබල අපරාධකරුවකු සහ මෙම දේශපාලනඥයා අතර තෙවන පාර්ශවයක් මාර්ගයෙන් සන්නිවේදන සබඳතා පවත්වා ඇති බවයි. බන්ධනාගාරය තුළ සිට මෙවැනි සබඳතා පැවැත්වීම මඟින් සැලසුම් කළ අපරාධ හෝ වෙනත් නීතිවිරෝධී කටයුතු පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුව ඇත.

අපරාධ හා මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සෘජු මඟපෙන්වීම යටතේ මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වේ. ඉදිරියේදී මෙම සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත අතර අදාළ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය මත පදනම්ව නීතිමය පියවර ගැනීමට පොලිසිය බලාපොරොත්තු වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories