2026 ජූලි 28 අඟහරුවාදා, 21:44
නවතම පුවත්

කුඹුරු රැකීමට ගිය තිදරු පියෙකු වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

තඹුත්තේගම මලියදේවපුර ප්‍රදේශයේදී වන අලියෙකු සිදුකළ දරුණු පහරදීමකින් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ මලියදේවපුර ප්‍රදේශයේම පදිංචිව සිටි 48 හැවිරිදි තිදරු පියෙකි. සිය වගා කටයුතු ආරක්ෂා කර ගැනීමට ගිය අවස්ථාවකදී ඔහු මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇත.

පොලිස් වාර්තාවලට අනුව, මෙම පුද්ගලයා සිය කුඹුරට පැමිණෙන වන අලි පලවා හැරීම සඳහා ඊයේ (19) රාත්‍රියේ මිතුරන් දෙදෙනෙකු සමඟ කුඹුරු යාය ආසන්නයේ මාර්ගයේ බෝක්කුවක් අසල රැඳී සිට තිබේ. එම අවස්ථාවේදී හදිසියේම පැමිණි වන අලියෙකු ඔවුන්ට පහර දීමට උත්සාහ කර ඇත. ඔහු සමඟ සිටි මිතුරන් දෙදෙනා වහාම බෝක්කුවෙන් පහළට පැන දිවි බේරා ගැනීමට සමත් වී ඇත.

වන අලියාගෙන් බේරීම සඳහා මෙම පුද්ගලයා මාර්ගය දිගේ දිව ගොස් ඇති නමුත්, ඔහු පසුපස පන්නාගෙන ආ වන අලියා ඔහුට පහර දී තිබේ. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව තඹුත්තේගම පොලිසිය පවසයි. වන අලි තර්ජනය උග්‍රවීම හේතුවෙන් ප්‍රදේශයේ ගොවි ජනතාව දැඩි බියකින් පසුවන බව ද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories