2026 ජූලි 29 බදාදා, 03:25
නවතම පුවත්

සමාජ මාධ්‍ය වංචා ඉහළ යාමක් ගැන අනතුරු ඇඟවීමක්

සමාජ මාධ්‍ය භාවිතා කර සිදුකරන වංචා ඉහළ යාමක් පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් මහජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබේ. පසුගිය සති කිහිපය පුරා සමාජ මාධ්‍ය වේදිකා හරහා මාර්ගගත වංචා සහ මුදල් වංචා කිරීමේ උත්සාහයන් වැඩිවීමක් දක්නට ලැබෙන බව එම සංසදය පෙන්වා දෙයි.

එළැඹෙන උත්සව සමය සහ දැනට පවතින කාලගුණික ආපදා තත්ත්වය උපයෝගී කර ගනිමින් සයිබර් අපරාධකරුවන් මහජන විශ්වාසය සහ අවදානම් තත්ත්වය අයුතු ලෙස යොදා ගෙන මුදල් ගසා කෑමේ උත්සාහයක නිරතව සිටින බව Sri Lanka CERT පෙන්වා දෙයි.

රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, සුපිරි වෙළඳසැල් සහ ව්‍යාපාරික ආයතන ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටින වංචනිකයන් සම්බන්ධයෙන් සැලකිය යුතු පැමිණිලි සංඛ්‍යාවක් Sri Lanka CERT ආයතනය වෙත ලැබී තිබේ. මෙවැනි වංචාකාරී පුද්ගලයන්, ව්‍යාජ ප්‍රවර්ධන දීමනා, මූල්‍ය පාරිතෝෂික සහ න්‍යාග ලබා දෙන බවට තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරමින් ජනතාව නොමඟ යවයි.

තවද, සුළි කුණාටුව සහ දරුණු වර්ෂාවෙන් පසුව, සයිබර් අපරාධකරුවෝ සහන සහ යළි ගොඩනැංවීමේ කටයුතුවල නියැලී සිටින රජයේ ආයතන සහ සංවිධානවල නම් වංචනික ලෙස අනුකරණය කරමින් සිටිති. ඔවුන් වංචාකාරී සබැඳි (Links) පළකරන අතර, මෙම සබැඳි හරහා මුදල් පරිත්‍යාග කිරීමට මහජනතාව පොළඹවන අයුරු නිරීක්ෂණය වී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට අනවසර පිවිසුම් සිදුකර එම ගිණුම් වංචාකරුවන් විසින් සිය ග්‍රහණයට නතු කර ගත් අවස්ථා ඇති බවත්, වින්දිතයින්ට ඔවුන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් එක එල්ලේම අහිමිව ගිය අවස්ථාද ඇති බව Sri Lanka CERT පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් අතිශයින්ම සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඔවුන් මහජනතාවට සිහිපත් කරන්නේ, සැක සහිත සබැඳි වෙත ප්‍රවේශ නොවන ලෙසත්, පුද්ගලික තොරතුරු බෙදා ගන්නා විට එය ආරක්ෂාකාරී ලෙස සිදු කරන ලෙසත්, එක් වරක් භාවිතා කළ හැකි මුරපද (OTP) කිසි විටෙකත් හෙළි නොකරන ලෙසත්ය. රාජ්‍ය ආයතන හෝ ස්ථාපිත සංවිධාන සමාජ මාධ්‍ය සටහන් හෝ මාර්ගගත සබැඳි හරහා මහජනතාවගේ සංවේදී තොරතුරු ඉල්ලා නොසිටින බවද ඔවුන් අවධාරණය කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories