2026 ජූලි 29 බදාදා, 02:19
නවතම පුවත්

“අනුරවාදය” රට පොලිස් රාජ්‍යයක් කරා ගෙනයන මිරිඟුවක් – “දිනන දකුණ” සාමූහිකය අනතුරු අඟවයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනය ගතවූ මාස 18 ක කාලය තුළ, ජනතාවට දුන් පොරොන්දු සහ ව්‍යුහාත්මක වෙනස්කම් මුළුමනින්ම පැහැර හරිමින් රට දැඩි දේශපාලන හා ආර්ථික අර්බුදයකට ඇද දමා ඇති බව “දිනන දකුණ” සාමූහිකය විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි. ආර්ථික යුක්තිය සහ දූෂණයට එරෙහි “බිංදුවේ ඉවසීම” මත ගොඩනැඟුණු බලාපොරොත්තු සහගත මහජන ජනවරම, අද වන විට දැඩි කලකිරීමක් බවට පත්ව ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

රජය සාර්ථක සාර්ව ආර්ථික කළමනාකරණයක් සහ 4.7% ක උද්ධමනයක් ගැන උදම් ඇනුවද, සැබෑ යථාර්ථය නම් ජනතාවගේ සැබෑ ආදායම එකතැන පල්වීම යැයි එම ප්‍රකාශයේ සඳහන් වේ. නිල දරිද්‍රතා රේඛාව එක් අයෙකුට මසකට රුපියල් 17,117 ඉක්මවා ගොස් ඇති අතර, සෘජු නිෂ්පාදන වර්ධනයකින් තොරව වක්‍ර බදු සහ උපයෝගිතා ගාස්තු ඉහළ දැමීම නිසා දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව බදු අනුපාතය 16% ඉක්මවා ගොස් ඇත. මේ හේතුවෙන් ජනතාවගේ පරිභෝජන ශක්තිය සිඳී ගොස් ඔවුන් ජීවන වියදම් උගුලක සිරවී සිටින බව ඔවුහු පවසති.

එසේම, දූෂණය මුලිනුපුටා දැමීමේ ප්‍රධාන පොරොන්දුව අතහැර දමා ඇති වත්මන් රජය යටතේ ද මතභේදාත්මක කන්ටේනර් මුදාහැරීම, බාල ගල් අඟුරු, අධික මිලට ඩීසල් මිලදී ගැනීම් මෙන්ම විනිවිදභාවයකින් තොර වාහන හා විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් වැනි මහා පරිමාණ වංචා රැසක් වාර්තා වී ඇති බවට “දිනන දකුණ” සාමූහිකය සෘජුවම චෝදනා කරයි. පැරණි සහචර ක්‍රමවේදය වෙනුවට ජනාධිපතිවරයා වටා රොද බැඳගත් නව සහචර ධනපති පිරිසක් රාජ්‍ය ටෙන්ඩර් තමන් සතු කරගනිමින් පැරණි සෙල්ලමම නව මුහුණුවරකින් අරඹා ඇති බව ද එහි සඳහන් වේ.

මෙම අසාර්ථකත්වය වසාගැනීම සඳහා රජය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් කොමිසම (CIABOC) දේශපාලන මෙවලම් කරගනිමින් නීතියේ ආධිපත්‍යය අවභාවිත කරමින් (Weaponizing the Rule of Law) සිටින බව එම සංවිධානය පවසයි. පසුගිය පාලන සමයන්හි දූෂණ සෙවීමේ මුවාවෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්, විපක්ෂ දේශපාලනඥයන් සහ සිවිල් ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් සූක්ෂ්ම මර්දනයක් දියත් කර ඇති අතර, මෙය රට “පොලිස් රාජ්‍යයක්” සහ තනි පක්ෂයක ඒකාධිපති පාලනයක් කරා ගෙනයෑමේ පූර්වගාමී පියවරක් බවට ඔවුහු අනතුරු අඟවති. 1933 දී ජර්මනියේ හිට්ලර් බලයට පත්වීමෙන් පසු සිදු වූ ඛේදවාචකය සිහිපත් කරමින්, වසර සියයක් පුරා රැකගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙරට එන ලෙස ඔවුහු සමස්ත ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටිති.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories