2026 ජූලි 26 ඉරිදා, 07:42
නවතම පුවත්

මැයි මස ගැසට්ටුවේ දෝෂ මකන නව ගැසට්ටුවක් ළඟ ළඟම?

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉකුත් මැයි 21 වැනිදා ජාතික ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් ක්‍රීඩා පනතට ගෙන ආ නියෝග මාලාවේ (2025 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග) අවුල්සහගත තැන් නිරවුල් කිරීම වෙනුවෙන් ගැසට්ටුවක් නුදුරේදීම නිකුත් වනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

අදාළ නියෝග මගින් සම්මේලනවල ධුර කාලය වසර 4 සිට වසර 2 දක්වා අඩුකිරීම මෙන්ම එහි නිලධාරීන් පත්විය යුතු ආකාරය ද සංශෝධනය වන පරිදි රෙගුලාසි පනවන ලදී. නමුත් එම රෙගුලාසි යටතේ නිසි පරිදි නිර්වචනය කරගත නොහැකි කරුණු ද ඇතුළත් විය.

2025 මැයි 21 අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් අනතුරුව එහි අඩංගු රෙගුලාසි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී මෙම ගැටලුව තදින් ඉස්මතු වූ අතර, ක්‍රීඩා සංගම් පාර්ශ්වයෙන් හා ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් අතර එකම කරුණ වෙනුවෙන් පරස්පර අර්ථ සහිතව ක්‍රියාත්මක වන අවස්ථා ද දක්නට ලැබුණි.

ඒ අනුව, එම රෙගුලාසිවල නිශ්චිත අර්ථය ඉස්මතු වන පරිදි අදාළ ගැසට්ටුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ඉකුත් කාලය පුරාම අවධාරණය විය. මෙම ගැසට්ටුවේ යම් යම් තැන් සංශෝධනය විය යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ද පසුව ප්‍රකාශ කිරීමට යෙදුණි.

එසේම, මෙහි අර්ථ දැක්වීම්වල ඇති අවිනිශ්චිත බව හේතුවෙන් ජාතික සංගම් කිහිපයක නිලවරණ පැවැත්වීම ද අවුල්සහගත තත්ත්වයකට පත් විය. එබැවින්, ඒ සියල්ල හැකි ඉක්මනින්ම නිරවුල් කිරීමේ අටියෙන් අදාළ ගැසට්ටුව මෙම සතිය තුළ ප්‍රකාශයට පත්කරනු ඇතැයි සැලකේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories